තම ආණ්ඩුව සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට තරම් තමන්ට කොන්දක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මේ රටේ පැවැතියේ තම කඳවුරේ ආණ්ඩුවක් නම් එහි වගකීම එවක ආණ්ඩුව මිස විපක්ෂය භාරගත යුතු දැයි හෙතෙම ප්‍රශ්න කළේ ය.
එහෙත් එම ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට මේ රටේ ජනතාව ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී 69 ලක්ෂයක් සහ 68 ලක්ෂයක් වර්තමාන ආණ්ඩුවට බලය ලබා දුන් බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
අද ප්රශ්නය වන්නේ එම ජනතා පැතුම ඉටු වී තිබේ ද යන්න පිළිබඳව යැයි ඔහු ප්‍රකාශ කළේ ය.
ඊයේ (10) විපක්ෂ නායක ජංගම සේවයට මොරටුව විල්ලෝරා වත්තේ දී එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.