පාස්කු ප්‍රහාරයේ වගකීම ජනපතිට දැමූ එජාප කැලෑ පත්තරය මෙන්න! රටපුරා පන්සල්වලට පිටපත් 600ක් බෙදන්න ගිය ශාසන මාමක ජනප්‍රසාදිනි ඇමති කිරිඇල්ලගේ ගෝලයෝ 03ක් අත්අඩංගුවට!

May 3, 2019 at 7:32 am | by admin

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමේ රාජ්‍ය විරෝධි ලිපියක පිටපත් 600 ට අධික ප‍්‍රමාණයක් තැපැල් කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (02) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදි අත්අඩංගුවට ගැනිමට කොටුව පොලිසිය සමත් විය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණියගේ සම්පත් කුමාර, විජේරත්න මුදියන්සේලාගේ ධනුෂ ප්‍රියදර්ශන සහ පටබැදිගේ කවිඳු තක්ෂිල විරසේන යන අයවළුන්ය. මේ තිදෙනාම ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්යමණ්ඩල සේවකයන් වන අතර ඒ අතර අමාත්‍යංශ ලේකම්වරයකු ද සිටින බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ. කොටුව පොලිසිය වැඩි දුර ප්‍රශ්න කිරීම්වල නිරතව සිටියි.

පාස්කු ප්‍රහාරය සිදුවන බව ජනාධිපතිවරයා දින 10කට දන්නා බවත් බුද්ධි අංශ ප්‍රධානියා අවස්ථා 03කදී ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවත් ප්‍රහාරය වැළැක්වීම සඳහා කිසිවක් නොකළ ජනාධිපතිවරයා තිරුපති ගොස් සිංගප්පූරු ගිය බවත් එමගින් හෙළි කරයි.

එසේම ජනාධිපතිවරයාගේ හිතවතුන් සහ ආණ්ඩුකාරවරුන් වන මෛත්‍රී ගුණරත්න, අසාද් සාලි, එම්.එල්.එ්.එම්. හිස්බුල්ලා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සමීපතමයින් සහ ආධාරකරුවන් ලෙස එහි හඳුන්වා ඇත. මෙම ලිපි රට පුරා පන්සල් 600කට අධික ප්‍රමාණයකට බෙදා හැරීම සඳහා ලිපින ද යොදා තිබිණි.

ජනාධිපතිවරයා යටතේ ඇති නීතිය හා සාමය ඇමති ධුරය එජාපය අතට ගැනීමට මෙම ප්‍රහාර කුමන්ත්‍රණය දියත් කළ බව එස්.බී. දිසානායක චෝදනා කළේය. පොලිසිය ද අයත් නීතිය හා සාමය අමාත්‍යංශය එජාපය යටතේ තිබුණේ නම් මෙම රාජද්‍රෝහී අපරාධය පිළිබඳ පරීක්ෂණය ද ඉතා පහසුවෙන් යට ගැසීමට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස