පාස්කු ප්‍රහාරය සඳහා උදව් කළේ කවුද, ඒ පිටුපස සිටියේ කවුද, එමගින් දේශපාලන වශයෙන් ශක්තිමත් වූයේ කවුද යන්න පිළිබඳ ජනතාව තුළ විශාල කුතුහලයක් ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
එහෙයින් ආණ්ඩුව වහා ම මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ඉක්මන් කර මහ මොළකරුවන් නීතියේ රැහැනට හසු කරගත යුතු බව එම පක්ෂයේ නිරෝෂන් පෙරේරා අවධාරණය කරයි.
එම පරීක්ෂණ මන්දගාමී වන තරමට විවිධ පාර්ශ්ව ඒ පිළිබඳ විවිධ අදහස් දැක්වීම සිදුවන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ජාතික ආරක්ෂාව තහවුරු කළ රටක් ලෙස ඉදිරියට යාමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි පරිදි සිදුවිය යුතු බව ද නිරෝෂන් පෙරේරා අවධාරණය කරයි.