පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මවුලවි කියල පිළිගන්න බෑ….! – කිරිඇල්ල…

April 7, 2021 at 11:21 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මවුලවි යැයි පිළිගත නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

“කොමිෂන් වාර්තාවෙන් එහෙම මහ මොළකරුවෙක් ඉස්මතු වෙන්නේ නැහැ. මහ මොළකරුවෙක් හඳුනාගන්න සාක්ෂි ඉදිරිපත් කරලත් නැහැ. සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සේ මහ මොළකරුවෙක් ඉදිරිපත් වෙලා. මහ මොළකරු ගැන සාක්ෂි තිබුණා නම් ඇයි ඔහුව කොමිසමට ඉදිරිපත් නොකළේ.

මොකද මේ නවුෆර් මවුලවි කියන කෙනා අත්අඩංගුවට ගත්තේ ප්‍රහාරය වුණ අවුරුද්දේ අප්‍රේල් 24. කොමිෂන් එකත් අවුරුදු එකහමාරක් විතර සාක්ෂි කැදෙව්වා. මේ නවුෆර් මවුලවි කොමිෂන් එකට ඉදිරිපත් කරලත් නැහැ. එතකොට කොහොමද මෙයා මහ මොළකරු කියල කියන්නේ.

මේක කාගේ හරි නිර්මාණයක්ද කියන එක ගැන විශාල සැකයක් එනවා. මොකද පසුගිය සති දෙක තුන තුළ රටේ හැම පැත්තෙන්ම කාදින්ල්තුමාගෙන්, ස්වාධින මතධාරීන්ගෙන් ඉල්ලීමක් ආවේ මහ මොළකරු කෝ කියල. ඉතින් මේකට උත්තරයක් නැති නිසා මේ නවුෆර් මවුලවි කියන කෙනා නිර්මාණයක්ද කියන එක ගැන විශාල සැකයක් තියෙනවා.

සිද්ධිය වෙච්ච අවුරුද්දේ අප්‍රේල් 24 ඔහුව අත්අඩංගුවට ගන්නේ. ඔහු කොමිෂන් එකට ඉදිරිපත් කළෙත් නැහැ. ඇයි ඉදිරිපත් නොකළේ. කොහොමද හිටි හැටියේ මහ මොළකරු වුණේ. රජයට තියෙන පීඩනයෙන් මිදෙන්න මේ මහමොකරු නිර්මාණය කරලා තියෙනවා කියන එක තමයි පෙනෙන්න තියෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *