පාස්කු ප්‍රහාරයේ තුවාලකරුවකුට ලක්ෂ 5ක් දෙනවා කිව්වා! තුවාලකරුවන් ගණන 264යි! ලක්ෂ 5 ලැබුණු පිරිස 22යි! – කාදිනල්තුමාගේ නීතිඥයා ශ්‍රෙෂ්ඨාධිකරණයේ දී හෙළි කරයි….

September 5, 2019 at 9:09 pm | by emanisa.lk

පාස්කු බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයන් 264 දෙනකුට රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ වන්දි ගෙවීමට පියවර ගෙන ඇති බව ආණ්ඩුව පැවසුව ද එම මුදල ගෙවා ඇත්තේ තුවාලකරුවන් 22කුට පමණක් බව ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා පවසයි.

ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශය අනුව එය පෙනී යන බව ද ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙතෙම පැවසීය.‍ෙ

තමා එම කරුණු ඉදිරිපත් කරන්නේ අගතියට පත් පාර්ශ්වයට යුක්තිය ඉටුකිරීම සඳහා බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

කතෝලික දේවස්ථානවලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය අදාළ ස්ථානවලට දැනුම් නොදීම බලවත් අඩුපාඩුවක් බවත් අවම වශයෙන් කාදිනල්තුමා හෝ ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවර ගත්තේ නම් දේවස්ථාන වසා දමා බැතිමතුන් ආරක්‍ෂා කර ගැනීමට පියවර ගත හැකිව තිබූ බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස