පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් පිරිසක් උතුරට පැනලා! ත්‍රස්තයින් සොයා හමුදාව උතුර පීරයි!

April 30, 2019 at 3:07 pm | by admin

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් උතුරේ ස්ථාන කිහිපයක සැඟව ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර මේ වන විටත් සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.

මේ අනුව වව්නියාවේ සහ මන්නාරමේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී සැකකරුවන් 13 දෙනෙකු සහ 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරේ මුස්ලිම් ගම්මාන ආගමික ස්ථාන ඇතුළු සැකකටයුුතු ස්ථානවල ආරක්ෂක හමුදා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.

උතුරේ ආරක්ෂාව වහාම තර කරන ලෙස දෙමළ සන්ධානයේ නායකයන් මීට පෙර රජයෙන් ඉල්ලා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස