පාස්කු ප්‍රහාරයට සැකපිට ඇල්ලූ නීතීඥ හිස්බුල්ලා වෙනුවෙන් නීතීඥයන් 158ක්!

April 27, 2020 at 6:30 am | by emanisa.lk

පාස්කු දින එල්ල කෙරෙනු ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥයන් 158 ක් අත්සන් තැබූ ලිපියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යොමු කර තිබේ.

මෙම පිරිස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව ද මීට ඉහතදී නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම බෙදුම්වාදය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි නීතිඥ පිරිසක් ද මෙම ලැයිස්තුවේ සිටිති.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මොහොමඩ් ඉබ්‍රහිම් සමග 2015 මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද මෙම ලේඛනයට අත්සන් තබා ඇත. ප්‍රදීප් එක්නැලිගොඩ වෙනුවෙන් ද පෙනී සිටි මෙවර එජාප ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.

හිජාස් හිස්බුල්ලා රිෂාඩ් බදියුදීන්ගේ මෙන්ම ස්වාධීන මැතිවරණ කොමිසමෙි ආචාර්ය රත්නජීවන් හූල්ගේ ද නීතීඥයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස