පාස්කු ප්‍රහාරයට විවරණ දුන් ජනපති සහ අගමැතිටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි! ඔවුන් නියෝජනය කරන කඳවුර අදාළ නෑ! – විමල්

March 4, 2020 at 12:53 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍ය පදනම දැමූ හිටපු ජනාධිපති අගමැති ඇතුළු දේශපාලකයන්ට ද නිලධාරීන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඇමති විමල් වීරවංශ පවසයි.

 එහිදී අදාළ පුද්ගලයන් වර්තමානයේ නියෝජනය කරන්නේ කුමන පක්ෂය ද යන්න අදාළ නොවන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඇමරිකානු උපාය මාර්ග, සහරාන්ගේ ප්‍රහාරය, බුද්ධි අංශ අඩපණ කිරීම සහ නොසැලකිලිමත්භාවය අතර අන්තර් සම්බන්ධයක් ඇතැයි ද එය හඳුනාගත යුුතු යැයි ඇමතිවරයා පවසයි.

මුස්ලිම් අන්තවාදය නිර්මාණය කරන රටවල්, ඒ සඳහා මුදල් ලැබෙන මාර්ග සහ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් ඊට උදව් කළ ආකාරය සාක්ෂි සහිතව තමන් කොමිසම හමුවේ හෙළි කළ බව ද හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස