පාස්කු ප්‍රහාරයට රිෂාඩ්ගේ කිසිම සම්බන්ධයක් නෑ…! ජනතාවාදී නායකයා වහා නිදහස් කරනු….! – වව්නියාවේ විරෝධතා….

April 28, 2021 at 5:18 pm | by emanisa.lk

අත්අඩංගුවට ගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවක් අද (28) වව්නියාවේදී පැවැත්විණි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමක් බවත්, විරෝධතාකරුවෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවට තහවුරු වී තිබියදී, විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන වුවමනාවක් ඉටු කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජනතාවට සේවය කිරීමට කැපවී සිටින මෙවැනි ජනතාවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට නොගැලපෙන බව ද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

විරෝධතාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින්, විරෝධතාව නතර කරන ලෙස දැන්වීම හේතුවෙන් විරෝධතාව අතරමග නතර කර දැමීමට විරෝධතාකරුවන්ට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *