පාස්කු ප්‍රහාරයට මෛත්‍රී වගේ ම රනිල් වගකිව යුතුයි….! වැරදිකරුවන් සියලු දෙනාට නිසි දඬුවම් දෙනවා…! – ජනපති…

March 6, 2021 at 6:06 pm | by emanisa.lk

කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

“ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලකයින් මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා අපේ පිටින් දාලා. කොමිසම පත් කළේ හිටපු ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවල දී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා.

මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය.

මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මේ සිද්ධියට අපේ රජය වගකිවයුතුයි කියන අභූත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට දඬුවම් දෙන එක, ඒක අපේ රජයේ වගකීම. ඒක නිසියාකාරව කරනවා. අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස