පාස්කු ප්‍රහාරයට මුදල් රැස් කරන්න උදව් කරලා…! නඩුව අවසන් වන තුරු බදියුදීන් බන්ධනාගාරයට….!

August 11, 2021 at 8:25 am | by emanisa.lk

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝත මත රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිටියදී අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදුර්දීන් ලබන 18 වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ ඊයේ (10) නියෝග කළේය.

සැකකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන බැවින් නඩු විභාගය අවසන්වන තුරු සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය එම පනතේ 7 – 1 වනන්තිය යටතේ තම අධිකරණයට ඇති බව පෙන්වා දෙමින් මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් අබලි ද්‍රව්‍ය හා ලෝහ ද්‍රව්‍යවලින් සියයට අසූහයක ප‍්‍රමාණයක් සිනමන් ග‍්‍රෑන්ඩ් බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉන්සාබ් අහමඩ් නමැත්තාට අයත් ක්ලෝසස් ලංකා පෞද්ගලික සමාගමට ලබා දීමෙන් අනිසි ලෙස උපයා ගත් මුදල් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා යෙදවීමට ලබාදීම මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරැදි සිදුකොට ඇතැයි රිෂාඩ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාට එරෙහිව චෝදනා නගා තිබිණි.

පසුගිය අප්‍රේල් 24 වැනි දා සිට සිය සේවාදායකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිදුකරන විමර්ශන අවසන් වී ඇති බව පෙනී යන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් පැමිණිල්ල දැක්වූ විරුද්ධත්වය අනුව මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස