පාස්කු ප්‍රහාරයට ප්‍රශංසා කළ වව්නියාවේ මවුලවියා අරාබි රටක දේශපාලන රැකවරණ පතයි! මුස්ලිම් දේශපාලකයන් තිදෙනෙකුගේ සහායත් ලැබේ!

May 1, 2019 at 6:23 pm | by admin

පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කළ මරා ගෙන මැරෙන ප්‍රහාරය සාධාරණීකරණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මවුලවියා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා තිබේ.

වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මවුලවියා වන එම්. නවුමාන් නැමැත්තා මෙම ප්‍රහාරයට පසුදින එය සාධාරණය කරමින් ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සඳහා අයි.එස්.අයි.එස්. අන්තවාදීන් සිදුකළ ප්‍රහාරයට ඔහුගේ ගෞරවය හා ප්‍රණාමයද වීඩියෝව මගින් පළකර තිබේ.

උතුරේ දෙමළ සංවිධාන කීපයක්ම මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ හා මෙහෙයුම් දියත් කළද ඔහු ඒ වන විට මක්කම වන්දනාවේ ගොසිනි.

එහෙත් අත්අඩංගුවට පත්වීමෙන් ගැළවීම සදහා මවුලවියා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා ඇති අතර ඒ සඳහා වවුනියාවේ මුස්ලිම් දේශපාලනඥයින් තුන් දෙනෙකුගේද සහය ඔහුට ලැබී ඇත. ඒ එම මවුලවියා වව්නියාවේ සියලුම මුස්ලිම් දේශපාලනඥයින්ගේ ඥාතියකු නැතිනම් ආධාරකරුවකු වන නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස