පාස්කු ප්‍රහාරය: අසාද් මවුලානා ලංකාවට… විමර්ශන ගෝඨා සහ සාලේ දෙසට…!

February 2, 2025 at 10:00 am | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අසාද් මවුලානා හිටපු ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ මත සිටින ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද රජය මේ වන විට ඉවත් කර ඇති අතර නුදුරේදීම ඔහු මෙරටට පැමිණෙනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව අදාළ චැනල් 4 වැඩසටහනේදී කියැවුණු කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරගෙන යමින් පවතී. අසාද් මවුලානා මෙරටට පැමිණීමෙන් අනතුරුව එම විමර්ශනයට අදාළව සාක්ෂි දීමට නියමිත බව සඳහන්ය.

එම සාක්ෂි මත පදනම්ව එම විමර්ශනය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ දෙසටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසටත් හැරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *