පාස්කු තේරීම් කමිටුව ඩර්ටි රනිල්ගේ කුණු හෝදන වොෂින් මැෂිමක්! – ප්‍රසන්න රණවීර

June 8, 2019 at 1:01 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කමිටුව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරක් තිස්සේ ගාගත් කුණු හෝදන වොෂින් මැෂිමක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.

අද (7) කොළඹදි පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

විවිධ චෝදනාවන්ට ලක්වුණු පුද්ගලයෝ තේරීම් කාරක සභාවේ ඉඳන් තමන්ගේ කුණු හෝදගන්නවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත්ත කෙනාගෙන් ප්‍රශ්න කරන්නේ සරත් ෆෝන්සේකා. සරත් ෆෝන්සේකාත් ඒ කුමන්ත්‍රණයට හවුල් බව නාමල් කුමාර කිව්වා. ඊබ්‍රහිම් නානාගේ පුත්තු ගැන පරික්ෂණ කරන කමිටුවේ ඔහුව ජාතික ලැයිස්තුවට දාපු ජවිපේ මන්ත්‍රී නලින් ජයතිස්ස. අනෙක් පැත්තෙන් මහ බැංකු හිල් කරපු අය දත් ගලවලා නැව් ගත්ත අය මේක නියෝජනය කරනවා. ඩර්ටි රනිල්ගේ කුණු හෝදන කොන්ත්‍රාත්තුව තමයි මේ කමිටුව භාර අරන් තියෙන්නේ.

හිටපු පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා චෝදනා දෙපැත්තට මාරු කර ගන්නවා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා රටේ නැත්නම් අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් කිව්වේ නැත්තේ ඇයි. අගමැති බබාද? අගමැති කියපු නිසා ඔහුව පොලිස්පතිවරයා කරන තරමට සම්බන්ධයක් තිබුණ පොලිස්පතිවරයාත් අද කරන්නේ රනිල් වික්‍රමසිංහ සුද්ධ කිරීමයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා වගකිය යුතුයි.

වංචාව දූෂණය නැති කරනවා. බොරු ප්‍රචාර නතර කරනවා කියලා බලයට ඇවිත් සමෘද්ධි බැංකුවල මුදල් කොටි ගණනින් ප්‍රචාරණයට වියදම් කරනවා. ජනතාවගේ මුදලින් තමයි මේ බැංකු ගොඩනැගුනේ. ජනාධිපතිවරයාට නැවතත් බලයට එන්නයි කියලා අපේ හිටපු ඇමැතිවරු ටිකක් ගිහින් ඉල්ලීමක් කරනවා.

බ්‍රාහ්මණයෙක් වුණත් වසලයෙක් ආශ්‍රය කළොත් වසලයෙක් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට තවත් මේ වගේ බොරු ලණු දෙන්න එපා. එතුමා පැහැදිලිව කිව්වා ඔහු දේශපාලනයෙන් සමුගන්න බව. පසුගිය වසර 4 නරා වලක වැටුලා අපේ ආණ්ඩුව කාලේ හදාගෙන හිටපු ප්‍රතිරූපය නැති වුණේ මේ වසලයෝ ඇසුරු කිරීම නිසයි. අපේ කඳවුරට ඇවිත් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස