පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බ විශේෂඥයා මෙන්න! පරිගණක සහ දේශපාලන විද්‍යා උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවෙක්!

May 16, 2019 at 9:39 am | by admin

සහරාන් ඇතුළු ඉස්ලාම් ත්‍රස්ත කල්ලියක් විසින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා තාක්ෂණික සහය ලබා දී ඇත්තේ ආදිල් අමිස් නම් 24 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.

මෙම පුද්ගලයා පිළිබඳ වසර 3 ක සිට ඉන්දීය ඔත්තු සේවා ඇසගසා ගෙන සිටි බව බ්‍රිතාන්‍ය Daily Mail පුවත්පත අනාවරණය කළේය.

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා ඇති මොහු මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. එමෙන්ම පරිගණක විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක්ද, දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලින් ලබාගෙන ඇත.

සහරාන් සමග පුරුවාගත් මිනිස් බෝම්බ සියල්ලම ඔහුගේ තාක්ෂණික දැනුමෙන් නිර්මාණය වූ බව හෙළි විය. මිනිස් ජීවිත 250 කට වඩා බිලිගත් මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයේ ඉතාමත් වැදගත් භූමිකාවක් ඉටු කළ මෙම මුස්ලිම් ත්‍රස්තයා, ඉන්දීය ඔත්තු සේවාවල පිහිටෙන් ප්‍රහාරයෙන් දින හතරකට පසුව ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

මේ බව හෙළි වී ඇත්තේ රොයිටර් වාර්තාකරුවෙකු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ගෙන් ප්‍රශ්න කරන මොහොතේදීය. එතෙක් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර නොතිබුණි.

අලුත්ගම පදිංචි කරුවෙකු වන ඔහුගේ පියා වන එම්. අමීස් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ ද, ඉන්දීය ඔත්තු සේවා අනාවණනය කර ඇත්තේ 2016 සිට ඔහු ගැන සුපරික්ෂාවෙන් සිටි බවත්, ඉන්දියාවේ සිදු වූ අයිඑස් ත්‍රස්ත ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් ආදිල්ට එරෙහිව චෝදනා දෙකක් එරට අධිකරණයේ ගොනු කර ඇති බවය.

අහමදාබාද් නගරයේ සිදු කිරීමට සැලසුම් කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වූ නීතිඥ Ubed Aahmed Mirza හා Mohomamed Kasim යන රෝහල් තාක්ෂණික නිලධාරියෙකු සමග සිදුකල facebook, whatsapp සහ telegram කතිකාවන් ඔස්සේ මොහු පිළිබඳව ඉන්දීය ඔත්තු සේවාවට ඉව වැටී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව දෙක වන ජාතික තව්හීද් ජමාත් සංවිධනය හා ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් යන තහනම සංවිධාන දෙක අතර සම්බන්ධීකරණය මෙම 24 හැවැරිදි සැකකරු විසින් සිදුකළ ඇති බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන අවසන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *