පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුගත කර ඇත්තේ කොටසක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වාර්තාවක එක් වෙළුමකින් පමණක් සමස්ත ප්‍රහාරය පිළිබඳ නිගමනයකට එන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පිරිසිදු අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවත් උවමනා නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් වුව පවත්වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
එම පරීක්ෂණවල දී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි ඔප්පු වන සියලු දෙනාට මරණ දඬුවම ලබා දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
හම්බන්තොට ප්‍ර දේශයේ උත්සවයකට එකතු වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.