පාස්කු ත්‍රස්තයන් අවසන් පුහුණුවීම් කළ නුවරඑළියේ කඳවුර වටලයි! එම කඳවුරේ 38 දෙනෙක් පුහුණුව ලබලා! ඉන් අඩක් තවමත් ජීවතුන් අතර!

May 6, 2019 at 3:42 pm | by admin

තව්හිද් ජමාත් සංවිධානය (ISIS) විසින් පවත්වා ගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් පොලීසිය සහ යුධ හමුදාව විසින් අද (06) වටලනු ලැබූහ.

අම්පාර, කල්මුණේ සයින්දමාරදු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනිමට හැකි විය. සහරාන් ඇතුළු මරාගෙන මැරුණු ත්‍රස්තයන් 38 දෙනෙකු මෙම ස්ථානයේ අප්‍රේල් 17 වෙනිදා සිය අවසන් පුහුණු වීම්වල යෙදී තිබේ.

ප්‍රධාන පාසලක් අසල කුලී පදනම යටතේ ලබාගත් දෙමහල් නිවසක මෙම කඳවුර පවත්වා ගෙන ගොස් තිබුණු අතර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව කාන්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් තවුහිද් ජමාත් කඳවුරක් ඊයේ ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය. මෙම ස්ථානයේ ත්‍රස්තවාදීන් 38 දෙනෙකු පුහුණුව ලැබුව ද පාස්කු ප්‍රහාරයෙන් සහ සයින්දමරදුහිදී මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් ප්‍රමාණය 20ක් පමණය. ඒ අනුව එහිදී පුහුණුව ලැබූ තවත් ත්‍රස්තවාදීන් 20 දෙනෙකුවත් තවම ජීවතුන් අතරය. ඒ පිරිසෙන් කෙතරම් අත්අඩංගුවට ගෙන ඇත්දැයි වාර්තා වන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස