පාස්කු කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව ජනපති කීවා…! – කාදිනල්තුමා…

October 17, 2021 at 6:23 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම ලබා දී ඇති ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා සමග පැවසූ බව අගරදගුරු මැක්ලම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කළහොත් තමන් අප්‍රසාදයට ලක්වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බව ද එහිමියෝ අනාවරණය කළහ.

එම කොමිසම් වාර්තාව නිකුත් කර දින දෙකකට පසු ජනාධිපතිවරයා තමා අමතා මේ දැනුම් දීම කළ බවයි, අගරදගුරුතුමා පවසන්නේ.

මෙම ප්‍රහාරය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය බලාපොරොත්තු වන බව ද කාදිනල්වරයා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව පැවසුවේ සිටියේ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය මඟින් සූම් තාක්‍ෂණය ඔස්සේ සංවිධානය කළ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස