පාස්කු කොමිසම් වාර්තාව වෙනස් කරල…! මේක රාජපක්ෂ කෙනෙක්ගේ වැඩක්…! – බොබසේ

February 28, 2021 at 9:17 am | by emanisa.lk

පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කර ඇති බවත් එය කුමන්ත්‍රණයක් බවත් බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

මෙම පාස්කු කොමිසම් වාර්තාව කුමන්ත්‍රණයක් ලෙස වෙනස් කළේ රාජපක්ෂ පවුලේ කෙනෙක් බවත් එයට ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ සම්බන්ධ නැති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල වුණේ කෙසේ ද කියා තමා දන්නේ නැති බව ද පාස්කු ප්‍රහාරයේ චූදිතයා තමා බවට පත් කර ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනු ලැබූහ.

රාජපක්ෂලාගේ බලාපොරොත්තුව 2025 ජනාධිපති වෙන එක බවත් ඊට අභියෝගයක් වෙන සියලු ම දෙනා දේශපාලනයෙන් ඉවත් කිරීම ඔවුනේ බලාපොරොත්තුව බව ද ඥානසාර හිමි වැඩිදුරටත් සඳහන් කරයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *