පාස්කු කොමිසම් වාර්තාව අද ම පාර්ලිමේන්තුවට…!

February 23, 2021 at 6:50 am | by emanisa.lk

පාස්කු ඉරිදා මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම වාර්තාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ද ලබා දී ඇත.

ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත් කිසිවක් සැඟවීමට අවශ්‍යතාවක් නැති බවත්ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *