පාස්කු කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් කැඳවලා හෙළිකරන්න ඉඩදිය යුතුයි! නැත්නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය වෙනවා! – විජේපාල හෙට්ටිආරච්චි

June 11, 2019 at 3:30 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්මේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රජයේ ඕනෑම නිලධාරියකු ගෙන්වා ප්‍රශ්න කිරීමට හැකි බවත් ඊට ඉඩ නොදුනහොත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි පවසයි.

ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට අත පෙවීමට විධායකයට නොහැකි බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සියලු දෙනාට මෙම ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල වන බැවින් මෙම කාරක සභාව පත් කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ගාල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නතර කළහොත් ජනතා විශ්වාසය පළුදු වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස