මම හමුදාපතිතුමාට කතා කළේ කටුවාපිටියේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න! එහෙම නැතිව ත්‍රස්තවාදීන් නිදහස් කරන්න නම් නෙමේ! – බද්යුදීන්

May 17, 2019 at 4:00 pm | by admin

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

කෙසේ වෙතත් කිසිවෙකු නිදහස් කිරීම සඳහා තමා ඉල්ලීමක් නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කාටුවාපිටිය ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුවූ දා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කළ ඉල්ලීමක් අනුව තමා යුධ හමුදාපතිවරයා ඇමතූ බවත් ඔහු සඳහන් කළා.එහිදී ඔහු පැවසුවේ..

‘‘..මම එක දවසක් ඔහුට කතා කළා. මීගමුව ගමේ මිනිස්සු මට කතා කරලා කීවා හෙට සුසාන කටයුතු සිදුකරන නිසා පල්ලි වලට ආරක්ෂාව දෙන්න කියලා. ඒ වෙලාවේ එතුමාට කතා කරලා මිනිස්සු ආරක්ෂාව ඉල්ලනවා කියලා මම කිව්වා.එච්චරයි මම එතුමට කතා කරේ. කාවවත් නිදහස් කරන්න කියලා මම කවදාවත් කතා කරලා නෑ‘‘ යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස