පාසලේ සේවයට පැමිණි බව සටහන් කර උපකාරක පංතියක සිසු පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සංයුක්ත ගණිත ගුරුවරයෙකුගේ වැඩ තහනම් කොට තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා වෙත මෙම ගුරුවරයා පාසල් වේලාවේ උපකාරක පංතිවල මුදලට උගන්වන බවට දෙමාපියන් පිරිසක් විසින් පැමිණිලි කොට තිබිණි.
එම පැමිණිල්ල මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තවත් මාණ්ඩලික නිලධාරින් පිරිසක් සමග එම පාසලේ නිරික්ෂණය නිරතවු අවස්ථාවේ මෙම ගුරුවරයා පාසලේ ගුරුවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කොට පාසලෙන් පිටතට ගොස් සාලියපුර ප්‍රදේශයේ උපකාරක පංතියක උගන්වා ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනම් කොට තිබේ.