පාසල් සිසුන්ට දිනකට රු. 500ක දීමනාවක්!

March 27, 2019 at 3:07 pm | by admin

පාසල්වල වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට දෛනිකව රු. 500ක දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ සිසුන් උසස් පෙළ හදාරන දෙවන වසරේ දී වෘත්තීය පුහුණු ආයතනයකට යොමු කර වසරක වෘත්තීය කුසලතා (NVQ)4 මට්ටමේ සහතිකය ලබා දෙයි.

එම ආයතනවල නේවාසික පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට සිසුන්ට දිනකට රු. 500ක දීමනාවක් හිමි වනු ඇත.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස