පාසල් විවෘත කරන දවස තීන්දු කරන්න ආණ්ඩුවට බෑ…! ඒක තීන්දු කරන්නේ අපි…! – ජෝෂප් ස්ටාලින්….

October 14, 2021 at 8:10 pm | by emanisa.lk

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කඩිනම් නිසි විසදුමක් ලබා නොදුනහොත් ලබන 21 වනදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමය පවසයි.

අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ ඉදිරි සතියේදීත් සිය වෘත්තිය අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

අදාළ වැටුප් වර්ධකයෙන් කොටස් දෙකක් මෙවර අයවැයෙන් ද එක කොටසක් ඊළඟ අයවැයෙන් ද ලබා දීමේ යෝජනාවක් පැමිණියහොත් ඒ පිළිබඳ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *