පාසල් විවෘත කරන්න කලින් ගුරු වැටුප් වැඩි කරනු…! – එජාපය…

October 5, 2021 at 1:19 pm | by emanisa.lk

පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටළුවට විසඳුම් දී දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කරයි.

ඇඟේ හයියෙන් සහ කටේ හයියෙන් ප්‍රශ්න විසඳනවා වෙනුවට රටේ අනාගතය ගැන සිතා ජාත්‍යන්තර ගුරු දිනයේදීවත් ගුරු ගැටලු විසඳන්නට රජයේ අවධානය යොමු වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.

ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිට ක්‍රමානුකූලව පාසල් විවෘත කිරීමට රජය අපේක්ෂා කර ඇති නමුත් පාසල් විවෘත කිරීමට ප්‍රථම ආණ්ඩුව විසින් කළ යුතු කාරණා කිහිපයක් තිබෙන බව ද එජාප නියෝජ්‍ය නායකයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *