පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී නාළිකාවක් වෙන් කරන්න…! – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි…

June 19, 2021 at 8:03 pm | by emanisa.lk

පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රූපවාහිනී නාළිකාවක් වෙන් කරන්නැයි මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි රජයෙන් ඉල්ලයි.

මේ වන විට සිදු කරන ඔන්ලයින් අධ්‍යාපනය නිසා දෙමාපියන්ට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවත් දරුවන් අතට දුරකතන පත්වීම නිසා විශාල සමාජ ව්‍යසනයක් ඇති වන බවත් එහිමියෝ පෙන්වා දෙති.

එසේ ම මෙම ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන්වල කිසිදු සංවිධානත්මකභාවයක් නොමැති බවත් ඒ ඒ ගුරුවරුන්ගේ මතයට අනුව සිදුකරන බවත් අගලකඩ හිමියෝ සඳහන් කරති.

රට පුරා දරු දැරියන් උගනින්නේ එක ම විෂය මාලාවක් බවත් රටේ දක්ෂ ගුරු මණ්ඩලයක් යොදවා රූපවාහිනී නාළිකාවක් ඔස්සේ දහවල් දවස පුරා එම අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බවත් එහිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *