පාසල් තවත් සතියකට වසා දැමේ…

July 18, 2020 at 7:10 pm | by emanisa.lk

පාසල් වසා දැමීම තව සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රට තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

11 12 13 වසර සඳහා පන්ති ආරම්භය ජූනි 27 වන දින ලෙස යෝජනා කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් නිර්දේශ කර තිබුණේ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තබන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස