පාවි ආ මාරයාගෙන් ගැලවුණු එකම ධීවරයා නාවික හමුදා භාරයට…!

July 1, 2024 at 10:39 am | by emanisa.lk

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කිරීමෙන් දිවි බේරුණු එකම ධීවරයා නාවික හමුදා විජයබා නෞකාව භාරගෙන තිබේ.

ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 06 දෙනෙකු එම දියරය පානය කොට තිබූ අතර ඒ අතරින් 4 දෙනෙකු එම යාත්‍රාවේ දී ම මරුමුවට පත්ව තිබේ.

විදෙස් නෞකාවක් මගින් ඉතිරි ධීවරයන් දෙදෙනා සිය නෞකාවට ලබා ගත්ත ද ඒ අතරින් එක් අයකු ද අනතුරුව මරුමුවට පත්ව ඇත.

විජයබාහු නෞකාව වෙත භාරගත් දිවි බේරුණු ධීවරයාගේ සහ අනෙක් ධීවරයාගේ මළ සිරුර තවත් පැය කිහිපක් තුළ ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *