පාලනය වෙනස් වුවත් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් නොවීම සතුටක්…! – මහ බැංකු අධිපති…

February 18, 2025 at 2:30 pm | by emanisa.lk

2025 අයවැය IMF අයවැයක් ලෙස හැඳින්වුව ද එය රටට සුබදායි අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

පරිපාලනයේ වෙනසක් සිදු වුවද සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවීම සතුටට කරුණක් බව ද හෙතෙම කීය.

සමස්ත IMF වැඩසටහනේ ආර්ථික ස්ථාවරකරණ පරාමිතීන් අනුව රජය වැඩ කිරීම රජයේ වගකීමක් බව ද ඔහු අවධාරණය කරයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද(18) කොළඹ පැවති සාකච්ඡාවකට එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *