පාලකයින් රටේ ආදායමට සමාන මුදලක් හොරා කාලා….! මං බලයට ඇවිත් ඒ ධනය රාජසන්තක කර රටේ ණය ගෙවනවා…! – ෆීල්ඩ් මාර්ෂල්…

June 20, 2021 at 8:21 am | by emanisa.lk

මෙරට ජනතාවගේ සමස්ත ආදායමට සමාන මුදලක් විවිධාකාර ක්‍රමවලින් දේශපාලකයන් හොරා කා තිබෙන බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

තමා යම් දිනයක ඒ සියල්ල ම රටේ මහා භාණ්ඩාගාරයට බැර කොට රටේ ණය ගෙවීමට ක්‍රියාකරන බවත් හිටපු හමුදාපතිවරයා අවධාරණය කරයි.

රටේ ජනතාවගේ එක ම සතයක්වත් ඉදිරියේ දී කිසිදු නිලධාරියෙකුට හෝ දේශපාලකයෙකුට හොරකම් කිරීමට කිසි විටකත් ඉඩ නොතබන බවත් දැන් රටට වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

දැන් රටට ඇති විශාලම අභියෝගය හොරා කන වුන් අත් අඩංගුවට ගන්නවා යැයි කියා පැමිණියත් එසේ නොකරන බවත්, ඒ නිසා ම රටේ ජනතාව සියලු දේශපාලකයන් එක ම ගොන්නට දමා මනින බවත් හෙතෙම සඳහන් කරයි.

රටේ ජනතාවගේ මුදල් හොරා කන එවුන් සුපිරි ජීවිත ගෙවන බවත් දුෂණය කුඩා ම තැන සිට ජනාධිපති මන්දිරය දක්වා ම අද පැමිණ ඇතත් තමා ඒ සියල්ලට ම තිත තබන බවට රටේ ජනතාවට සහතික වන බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

මෙරටින් ත්‍රස්තවාදය අතුගා දැමූ ආකාරයට ම දුෂණය, වංචාව අතුගා දමන බවට රටේ ජනතාවට සහතික වන බවත්, ඊට පක්ෂ පාට නොබලා දිවි හිමියෙන් කැපවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස