පාලකයින් මේ රටේ භාරකරුවා මිස අයිතිකරුවා නෙමෙයි…! ඔවුන්ට රටේ සම්පත් විකුණන්න අයිතියක් නෑ…! – සජිත්…

February 3, 2021 at 9:32 pm | by emanisa.lk

වර්තමාන පාලකයින් රටත් විකිණීමට හදන්නේ යැයි බොහෝ දෙනා තුළ හැඟීමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ රටේ ජාතික සම්පත් සහ ආර්ථික කේන්ද්‍රස්ථානවල අයිතිය අපේ රට සතු විය යුතු යැයි ද ඒවායේ අයිතිය ඇත්තේ ලක්ෂ 220ක් වන ජනතාවට යැයි ද ඔහු සඳහන් කරයි.

එහෙත් අද ලංකාව ලොව ප්‍රචලිත වී ඇත්තේ එම සම්පත් විකිණීමට ඇති රටක් ලෙස යැයි ද විපක්ෂ නායකවරයා අනාවරණය කරයි.

පාලකයින් පත්වන්නේ තාවකාලිකව බවත් විශාල ජනවරමක් ලැබූ පමණින් රටේ සම්පත් විකිණීමට හෝ බදු දීමට එම පාලකයින්ට නොහැකි බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස