පාරිභෝගික සේවා අධ්‍යක්ෂකලාට වඩා මගේ ඩ්‍රයිවර්ට සුදුසුකම් තියෙනවා…! – තුෂාන් ගුණවර්ධන

October 5, 2021 at 10:05 pm | by emanisa.lk

සතොස සභාපති ප්‍රමුඛ ඉහළ කළමනාකර නිලධාරීන් ද සතොස භාර ඇමැති ලසන්ත අලගියවන්න සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ද තනතුරුවලින් ඉවත් කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.

එසේ නොවුණහොත් සුදු ලූනු වංචාව පිළිබඳ නිවැරදි විමර්ශනයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

සුදුලූනු වංචාව හෙළිදරව් කිරීම නිසා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු නිලධාරීන්ගෙන් මරණ තර්ජන පවා එල්ල වූ බවත් තුෂාන් ගුණවර්ධන අනාවරණය කරයි.

පාරිභෝගික සේවා අධිකාරි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් සහිත නිලධාරියා තමා බවත් එහි සිටි ඇතැම් අධ්‍යක්ෂවරුන්ට තමන්ගේ රියදුරාගේ සුදුසුකම් පවා නොතිබුණු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඩේලි මිරර් පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්පූර්ණ සාකච්ඡාව…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *