වේදිකාවේ මයික් පළලා පස්ස දොරෙන් එන්නත විදගෙන…! දැනට මන්ත්‍රීලා 200ක් එන්නත ගහල…! තව ඉතිරි 23යි….!

March 17, 2021 at 12:52 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කෝවිඩ් මර්දන එන්නත ලබා ගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40 දෙනකු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 800කට ආසන්න පිරිසක් ද කොවිඩ් -19 මර්දන එන්නත ලබාගෙන ගෙන ඇතැයි ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේ ය.

පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 20කට අසන්න පිරිසක් සොයා ගත් අතර එම පිරිසට මැති ඇමැතිවරු අටදෙනෙක් ද ඇතළත් වූහ.

මෙතෙක් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා පත්කර නොමැති අතර රංජන් රාමනායක සිටින්නේ සිරගතව ය. ඒ අනුව මෙතෙක් එන්නත ලබා ගෙන නැත්තේ මන්ත්‍රීවරුන් 23ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස