පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පණ බයේ පළා යද්දි බුද්ධික පතිරණ රුධිර, මුත්‍රා සහ කෙස් පරික්ෂාවට පෙරට එයි! (video)

February 25, 2019 at 11:32 am | by admin

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සිය නිවසට පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලය නිවසටම ගෙන්වා සිය රුධිර, මුත්‍ර සහ කෙස් පරික්ෂාව සඳහා සාම්පල් ලබා දුන්නේය. ඒ පසුගිය දා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 24 දෙනෙකු කොකේන් පානය කරන බවට කළ චෝදනාවට පිළිතුරු ලෙසය.

එහි දී ඔහු ප්‍රකාශ කළේ කිසිවකු හඳ දික් කළ විට අත දෙස නොව හඳ දෙස බලන ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු ජනතාවගේ සේවකයන් මිස ස්වාමිවරු නොවන බව ප්‍රකාශ කළ ඇමතිවරයා ඔවුන්ට චෝදනා එල්ල වූ විට සිය පාරිශුද්ධභාවය පෙන්වා ඉන් මිදීමට කටයුතු කළ යුතු බවය. ඔවුන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඒවා සැඟවිමට කටයුතු නොකළ යුතු බවත් ඒවා හෙළි කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස