පාර්ලිමේන්තු නව සභාවාරය ජන. 03 ඇරඹෙයි! නැවත කල් දමන කතා බොරු!

December 29, 2019 at 8:38 am | by emanisa.lk

පාර්ලිමේන්තුව ජනවාරි මස 03දා රැස්වීමෙන් පසු වාර අවසාන නොකර නියමිත පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි වාර්තාවෙයි.

ඇතැම් අය මැතිසබය නැවත කල්දමන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කර ඇතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එකඟත්වයක් දක්වා නැත.

එබැවින් නියමිත කාලසටහන අනුව ජනවාරි මුල් සතියේ සිට පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

මේ අතර එජාප සහ ජවිපෙ නායකයන් පසුගිය දිනවල පාර්ලිමේන්තුව නැවත කල් දැමීමේ සූදානමක් ඇතැයි මාධ්‍ය හමුවේ නිතර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස