ජනපති පාර්ලිමේන්තු ඉතිහාසය රනින් ලියයි! තමාට හමුදා උත්තමාචාර වෙඩි මුර අශ්ව බලඇනි එපා කියයි!

January 2, 2020 at 11:47 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කරන හෙට (3) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇත.

සාමාන්‍යයෙන් මෙම සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් සමඟ පිවිසෙන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරය පුද කිරිම සම්ප්‍රදායයි.

ඒ අනුව පසුගිය දිනවල හමුදා උත්තමාචාරය සඳහා පුහුණූ කිරීම් සිදුකළ අතර ජනාධිපතිවරයාගේ නියෝගයෙන් පසු ඒ සියල්ල අවලංගු කර ඇති බව ද වාර්තා වේ.

මීට අමතරව ජනාධිපතිවරයා අශ්වාරෝහකයන් සමඟ පැවරිම ද අත්හිටුවා ඇති අතර මෙවර සැසිවාරය ඉතා සරල අන්දමින් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස