පාර්ලිමේන්තුව ශක්තිමත් කරන ව්‍යවස්ථාවකට මගේ සහාය ලැබෙනවා! – ජනපති

February 3, 2019 at 4:24 am | by admin

තම පැවැත්ම සඳහා විදේශීය බලපෑම් සහ අත පෙවීම් වල ශක්තිය කවුරුන් හෝ පාවිච්චි කරනවා නම් එය රටේ ස්වාධීනත්වයට සහ පැවැත්මට කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදා(31) පස්වරුවේ හොරණ, රයිගම්පුර, ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරයේ අභිනව උපෝසථාගාරය සඟ සතුකොට පූජා කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීමේදී ඇතිවෙලා තිබෙන තත්ත්වයන් අනුව ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම්, එයට ප්‍රමුඛත්වය දිය යුත්තේ රට ආණ්ඩු කරන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කියා මා විශ්වාස කරනවා. එවැනි කටයුත්තකට මාගේ සහයෝගය තිබෙනවා.”යැයි කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස