පාර්ලිමේන්තුව පළාත් සභා නැතත් රට වෙනදාට වඩා හොඳින් පාලනය වෙනවා! පාර්ලිමේන්තුව කැඳවා දවසකට ලක්ෂ 91ක් විනාශ කරන්න එපා! – විදුර

March 24, 2020 at 9:07 am | by emanisa.lk

අද රටේ පාර්ලිමේන්තුව පළාත් සභා නැති වුවද පාලන කටයුතු ඉතාම හොඳින් සිදුවන බව හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

මේ වන විට කොරෝනා උවදුර යම් ආකාරයකට පාලනයකට යටත් කර ඇති බවත් එය විපක්ෂය තමන්ට සිදු වූ මදිපුංචිකමක් ලෙස සිතන බවත් පවසන හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස කෑ ගසන්නේ ඔවුන් බව ද සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කැඳවා දිනකට ලක්ෂ 91ක් විනාශ නොකළ යුතු බවත් එම ගොඩනැඟිලි සංකීර්ණය ද නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

හොරණ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී විදුර වික්‍රමනායක (23) මෙම අදහස් පල කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස