පාර්ලිමේන්තුව දූෂිතයි කියන විජේදාස එහි සිටිය යුතු නෑ! – කතානායක

August 9, 2019 at 7:33 am | by emanisa.lk

පාර්ලිමේන්තුව දූෂිත ආයතනයක් බව විජයදාස රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පවසයි නම් ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී නොසිටිය යුතු බව කථානායක කරු ජයසූරිය පවසයි.

පාර්ලිමේන්තුව දූෂිත ආයතනයක් බවට විජයදාස රාජපක්‍ෂ කර ඇති ප‍්‍රකාශය පිළිබඳ තමන් කනගාටු වන බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප‍්‍රකාශ කළේය.

විජයදාස රාජපක්‍ෂ විසින් පාර්ලිමේන්තුව දූෂිත ආයතනයක් බව ප‍්‍රකාශ කර ඇති බවටත්, මන්තී‍්‍ර මේස මත තබා ඇති ලැප්ටොප් පරිගණක පගාවක් ලෙස ලැබී ඇති බවටත් කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ මතය කුමක්දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර නිමල් ලාන්සා විමසා සිටි අවස්ථාවේ හෙතෙම මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස