පාර්ලිමේන්තුව කැඳවලා වැඩක් නෑ! කොරෝනා මඩින්න කළ හැකි සියල්ල දැනටම කෙරෙනවා! – විජේදාස

April 4, 2020 at 4:47 pm | by emanisa.lk

විසිරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවා කොරෝනා මර්දනයට කළ හැකි කිසි දෙයක් නැතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

අරලියගහ මැදුරේ පැවති (2) පක්ෂ නායක රැස්වීමේ දී හිටපු දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස හෙතෙම මෙසේ පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ මහජන ආරක්ෂාව සඳහා පනත් රෙගුලාසි සම්මත කර ගැනීමට හැර කිසිවකට පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් මෙය වසංගතයක් මිස යුද්ධයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

නිරෝධායන පනත ඇතුළු පනත් යටතේ ඒ සඳහා කළ යුතු දෑ සඳහා බලතල තිබෙන බවත් එහෙයින් විය යුත්තේ ඊට සහාය දීම මිස පාර්ලිමේන්තුව නැවත කැඳවා ප්‍රශ්න හදා ගැනීම නොවන බවත් විජේදාස රාජපක්ෂ අවධාරණය කළේය.

https://m.facebook.com/story.php?story_fbid=245724883229402&id=335023596473

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස