පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ මහ බැංකුව කැඩූ හැටි කියන්න…! – ගෙවිඳු…

July 3, 2024 at 10:48 am | by emanisa.lk

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් වෙනුවෙන් ඊයේ (02) පාර්ලිමේන්තුව කැඳවා සිදුකළේ විශාල මහජන මුදල් නාස්තියක් බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බල සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයට ඇතුළත් නොවූ කිසිදු ගිවිසුමක් හෝ තොරතුරක් හෝ ලිපි ලේඛනයක් හෝ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවයි.

එහි දී ජනාධිපතිවරයා සිදු කළ එකම වැදගත් ප්‍රකාශය විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා තමන්ට කියන්නේ එංගලන්ත මහ බැංකුව බිඳින්න දැයි විමසීම බවයි, ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ.

මහ බැංකු බිඳීමෙහිලා එතුමාට සුවිශේෂ පළපුරුද්දක් ඇති බවත් බැඳුම්කර වංචාව හරහා ඔහුගේ මිතුරන්ට අධික පොළියක් ගෙවීමට සිදුවීම රට මේ ආකාරයට බංකොලොත් වීමට හේතු වූ බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ගෙවිඳු කුමාරතුංග මේ බව පෙන්වා දුන්නේ ඊයේ (02) පාර්ලිමේන්තු කටයුතු නිමා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *