පාර්ලිමේන්තුවේ නායකත්වය තරුණයින්ට දෙන්න…! – රනිල්…

October 6, 2021 at 2:50 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තු කටයුතු දායක වීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (6) ඉල්ලා සිටියේය.

පසුපෙළ මන්ත්‍රීවරුන්ට ද තනතුරු ලබා දී කටයුතු කිරීමෙන් ඔවුන්ට අත්දැකීමක් ලබාගන්නට අවස්ථාව ලැබෙන බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය.

පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ද දක්ෂයන් සිටින බව පෙනෙන්නේ යැයි ද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *