පාර්ලිමේන්තුවේ දී පැණිය බිව්ව රාජ්‍ය අමාත්‍ය පියල්ටත් කොරෝනා…!

January 18, 2021 at 4:37 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් තහවුරු වී ඇත.

මෙයට පෙර අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටී.

මේ අතර, පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකෙරුණු PCR පරීක්ෂණ යටතේ මන්ත්‍රීවරුන් 32ක් ඇතුළු 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇතඅ ඒ අතරින් කිසිදු මන්ත්‍රීවරයෙකු ආසාදිත බව තහවුරු වූයේ නැත.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධීය පැණිය පාර්ලිමේන්තුවේ දී පානය කළ පිරිස අතර ද සිටි අයෙකි. ඔහු වේල් තුනක් වන නියමිත මාත්‍රාව ලබා ගත්තේ ද නැද්ද යන්න වාර්තා වී නොමැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස