පාර්ලිමේන්තුවේ කෝටි 12 බුෆේ මේසය වසයි…! කෑම පාර්සල් බෙදන්න සූදානම්..!

May 28, 2022 at 3:02 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුව වැඩිම වියදමක් දරන්නේ මන්ත්‍රීවරුන්ගේ සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාරපාන සඳහා වන අතර එය වාර්ෂිකව රු.‍ කෝටි 12කට අධික මුදලක් බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සලයක් ලබා දීමේ හැකියාව ගැන ද කතානායකවරයා කරුණූ සොයා බලා ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල අත්හිටුවන්නැයි කතානායකවරයාට ලිපියක් බාර දෙමින් පසුගියදා ඉල්ලීමක් කළ අතර දැන් එම පිරිසට පමණක් කෑම වේල ලබා දීම අත්හිටුවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *