පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන ආහාර ද්‍රව්‍ය හොර රහසේ එහි සේවකයන් විසින් නිවෙස්වලට රැගෙන යාමේ සිදුවීම් රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඇතැම් සේවකයන් සිය සාක්කුවල පවා ආහාර ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණ වශයෙන් දමාගෙන පිටතට රැගෙන යන බව ද කියති. මේ නිසා වසරකදී රජයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙක ඉක්මවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තුවට පිවිසෙන විට පරීක්ෂාවට ලක් වුවත් පිටව යද්දී එසේ පරීක්ෂාවට ලක් නොවන නොවීම මෙම ජාවාරම සඳහා පිටුබලයක් වී තිබේ.
මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පැමිණෙන සංඛ්‍යාව ගණනය කර ඒ අනුව ආහාර පිළියෙළ කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද වැඩි දුරටත් අනාවරණය වෙයි.