පාර්ලිමේන්තුවට එන එජාප නායක රනිල්ට, ජවිපෙ නායක අනුරට යාබද අසුන….!

June 10, 2021 at 10:26 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ නුදුරේ දී ම දිවුරුම් දෙනු ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එජාප මන්ත්‍රීවරයා සඳහා මේ වන විටත් පාර්ලිමේන්තු අසුන වෙන් කර අවසන් බව පාර්ලිමේන්තුවේ වේත්‍රදාරී නාරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විපක්ෂ පාර්ශ්වයේ 16 වන අසුන හිමි වනු ඇතැයි වාර්තා වෙයි. එහි 15 වන අසුන ජාතික ජන බලවේගයේ අනුර දිසානායකට හිමි අතර 17 වන අසුන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට හිමි ය.

ජ්‍යේෂ්ඨත්වය, පාර්ලිමේන්තුවේ දරන තනතුරු හා පක්ෂ නායකයින් යන කරුණු සැලකිල්ලට ගෙන මෙම අසුන් පනවා ඇති බව වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *