පාර්ක් ඇන්ඩ් රයිඩ් ව්‍යාපෘතිය රජ ගමනේ…..! පළමු සතියේ මගීන් 7840ක්…! රථවාහන 1858ක් ගාල් කෙරේ…!

January 31, 2021 at 6:40 am | by emanisa.lk

පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ වී ගත වූ දින හතක කාලයේ මගීන් 7840ක් එහි ගමන් කර ඇති අතර එයින් රු. 457990ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

පසුගිය 18-26 වැනිදා තෙක් වූ දින හතක කාලය තුළ මෙම ආදායම ලැබී ඇතැයි ද වැඩිම මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ ඉකුත් 26 වැනිදා බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස අනාවරණය කළේ ය.

එදින මගීන් 1146 දෙනකු මෙම බස් සේවයේ ගමන් කර ඇති අතර බස් සේවයේ 30% පමණ දියුණුවක් සිදුව ඇතැයිද හෙතෙම කීවේය.

කොළඹ මාර්ග තදබදය පාලනය කිරීමේ විකල්පයක් වශයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍රගත වන ආකාරයෙන් ආරම්භ කළ පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව පසුගිය 15 වැනිදා සිට ආරම්භ වුවද එම සේවය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ ඉකුත් 18 වැනිදා සිටය.

පසුගිය 18- 27 වැනිදා තෙක් කාලය තුළ මෙම පිිරිස් වාර්තා වී ඇති අතර මෙකී කාලය තුළ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වාහන 1858 ගාල් කර ඇතැයි එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් බාර කොළඹ ප්‍රවාහන ජාලා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක පැවසීය.

වැඩි ම වාහන සංඛ්‍යාවක් ගාල් කර ඇත්තේ 26 වැනිදා වන අතර එය වාහන 216කි. ඒ අතර මෝටර් රථ 91ක්, යතුරුපැදි 70ක් ත්‍රිරෝද රථ 26ක් සහ වෙනත් වාහන 29ක් ඇතැයි ද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *