පාරවල් වසා ලොකු ලොක්කන් ගමන් යන යුගය නැවතත් ඇරඹෙද්දී ටවුන්හෝල් අසල වාහන නොනවත්වා නළා හඬවා විරෝධය පායි! (video)

May 20, 2019 at 3:47 pm | by admin

කොටි ත්‍රස්තවාදීන් රට පුරා ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන සමයේ ආණ්ඩුවේ ලොකු ලොක්කන් ගමන බිමන් ගියේ පාරවල් වසා දමාය. මේ නිසා පොදු මහ ජනතාවට මහා මාර්ගවල බොහෝ වෙලාවක් රස්තියාදු වන්නට සිදුවිය. එම යුගය දැන් නැවත ආරම්භ කර ඇත.

මේ කොළඹ නගර ශාලාව අසල ප්‍රභූවරයකු සඳහා මාර්ගය වසා දැමීම නිසා ජනතාව සිය වාහනවල නළා නොනනවත්වා නාද කරමින් ඊට විරෝධය පෑ ආකාරයයි.

2015 ජනාධිපතිවරයා සිය රථය කහ ඉරක් අසල මගීන් මාරුවන තුරු නතර කර ඡායාරූප ගෙන විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්තේය. එහෙත් එසේ කළ හැකි වූයේ මේ රටේ ආරක්ෂාව ඒ වන විට මැනවින් තහවුරු කර පැවති බැවිනි. ඉන් වසර 4කට පසු මාර්ග වසා දේශපාලකයන් ගමන් බිමන් යන යුගයට රට පැමිණ ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *