පාරවල් දිගේ පෝලීම් නෑ….! වැඩිහිටි මාපියෝ අව්වේ හිටෙව්වේ නෑ….! හමුදාව එන්නත් කරන හැටි මෙන්න….

July 5, 2021 at 1:26 pm | by emanisa.lk

අනුරාධපුර යුද හමුදා රෝහලේ කොවිඩ් එන්නත්කරණ කටයුතු අද (05) උදෑසන ආරම්භ විය.

යුද හමුදාව එම එන්නත්කරණ කටයුතු ඉතා ම සංවිධානාත්මක ලෙස සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

විශේෂයෙන් ජනතාව දිගු පෝලීම්වල නොතබා කඳවුර තුළ අසුන් පනවා තිබිණි. එහි දී ඔවුන් අතර පරතරය ආරක්ෂා වන ආකාරයට එම අසුන් පනවා තිබීම විශේෂත්වයකි.

කිසිදු තදබදයක් දක්නට නොමැති අතර සියලු දෙනා තමාගේ අවස්ථාව පැමිණෙන තුරු අසුන් ගෙන සිටින ආකාරය දැකිය හැකි ය.

එහෙත් රජයේ රෝහල් ඇතුළු එනන්ත්කරණ මධ්‍යස්ථානවල දක්නට ලැබුණේ දැඩි තදබදයකි. වයෝවෘද්ධ ජනතාව පවා දැඩි ලෙස පීඩාවට පත්කරමින් පැය ගණන් අව්වේ සහ වැස්සේ පෝලීම්වල සිටිනු දැකගත හැකි විය. එසේ ම එම ජනතාව පෝලීම්වල සිටිය දී රෝහල් කාර්යමණ්ඩල හිතමිතුරන් පෝලිම්වල නොසිට එන්නත් ලබා ගත් බවට ද දැඩි චෝදනා එල්ල විය.

එසේ ම මේ වන විට රජයේ එන්නත් මධ්‍යස්ථානවලින් විශාල එන්නත් තොගයක් අතුරුදන්ව ඇති බවට ද චෝදනා නැඟෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙ පමණක් අතුරුදන්ව ඇති එන්නත් ප්‍රමාණය 70 000කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස